April 25, 2024

චීනය කොරෝනා එන්නත්කරණයේ බිලියනයේ සීමාව පසුකරයි

කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් ලෙස පත්වීමට පෙර චීනය ලෝකයේ දැඩිවම පීඩා විඳි රට බවට පත්ව තිබුණා. නමුත් ඔවුන් විසින් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් නිෂ්පාදනය කරන්නට ඔවුන් කටයුතු කළ අතර චීනය විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 2ක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතියද ලබාදී තිබෙනවා.

මේ අතර චීනය විසින් එරට එන්නත්කරණය තුළ එන්නත් බිලියනයක් ලබාදී ඇති බවට වාර්තා වෙලා තියෙනවා.

බිලියන 1.4ක පිරිසක් චීනයේ ජීවත් වන අතර මෙම මාසය අවසන් වන විට එයින් අති බහුතරයක් සඳහා එන්නත්කරණය සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද චීන සෞඛ්‍ය බලධාරීන් විසින් දන්වා තිබේ.

ලෝක කොරෝනා එන්නත් අවශ්‍යතාවය සඳහා ලබාදීමට චීනය මේ වන විට එන්නත් බිලියන 2.5ක් ලබාදී ඇති බවද චීන සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් චීනය විසින් ලබාදෙන එන්නත් වර්ගය සඳහා මාත්‍රා 02ක් ලබාදිය යුතු බැවින් එරට ජනගහනයෙන් කෙතරම් ප්‍රතිශතයක් සඳහා එන්නත් ලබාදී ඇතැයිද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් වී නැහැ.

Rate this item
(0 votes)