March 29, 2024

ජපානය දැවැන්ත බෞද්ධ දේව පිළිරුවකට මුහුණු ආවරණයක් පළඳවයි (PHOTOS)

ජපානයේ මහායාන බෞද්ධ දර්ශනය තුළ එන බෞද්ධ දේවතාවියක් වන කන්නන් හට මුහුණු ආවරණයක් පැළැන්ඳ වීමට ජපානය තීරණය කරලා.

මෙලෙස මුහුණු ආවරණය පළඳවා තිබුණේ ෆුකුෂිමා ප්‍රාන්තයේ හූකොකුජි අයිසු බෙට්සුයින් පන්සලේ සිටින අඩි 187ක් (මීටර් 57ක්) වන දැවැන්ත ප්‍රතිමාවක් වෙතයි.

දේවතාවියට පැළැන්ඳු මෙම මුහුණු ආවරණය මීටර් 4.1ක් පළල වන අතර දිගින් මීටර් 5.3ක් වෙනවා. එමෙන්ම මෙම මුහුණු ආවරණය කිලෝග්‍රෑම් 35ක බරකින් යුක්ත වෙන බවටත් සඳහන් වෙනවා. මෙය ඉහළට එසවීම සඳහා කම්කරුවන් 4 දෙනෙකුගේ සහාය ලබාගත් බවත් සඳහන් වෙනවා.

දරුවෙකු අතින් ගත් බෞද්ධ දේවතාවියක් වන කන්නන් පිළිරුව මීට වසර 33කට පෙර ඉදි කර තිබෙනවා. ජපානය ගැබිණි මව්වරුන් නිරෝගී දරු සම්පතක් වෙනුවෙන් මෙම දේවියන් හට යාඥා කරන බවත්, අලුත උපන් දරුවන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහාත් මෙම ස්ථානයට පැමිණෙන බව සඳහන් වෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී ජපානයේ ඇති වූ භූකම්පනයක් හේතුවෙන් මෙම ප්‍රතිමාවට හානි සිදුව තිබුණු අතර එහිදී එය ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි කම්කරුවන් විසින් පන්සලේ හිමිවරුන් ඇතුළු පිරිසට මෙම ප්‍රතිමාවට මුහුණු ආවරණයක් පළඳවමු යන යෝජනාව කර තිබෙනවා.

ඔවුන් විශ්වාස කරන්නේ එමඟින් ලෝකයට බලපා ඇති කොරෝනා වසංගතය පහව යනු ඇති බවත් එය දෙවියන් සඳහා කරනු ලබන යාඥාවක් ද වනු ඇති බව ඔවුන් පවසා තිබුණා. ඒ අනුව තමයි මෙම මුහුණු ආවරණය පැළැන්ඳ වීම සිදුකර තිබුණේ.

මෙම මුහුණු ආවරණ පැළැන්ඳවීම සිදුකර තිබුණේ පසුගිය 16 වැනිදායි.

Rate this item
(0 votes)