April 20, 2024

හමාස් ගිනි බැලුම්වලට නෆ්තාලි රජයෙන් ගුවනින් ප්‍රතිචාර

සය දින යුද්ධය සැමරීම වස් පවත්වනු ලබන ජෙරුසලම් දිනය මෙවර පැවැත්වුවහොත් එයට ප්‍රහාරයක් දියත් කරන බවට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත තර්ජනය කර තිබුණා.

එම තර්ජනයන් නොතකා ඊයේ (15) දිනයේ දී ඊශ්‍රායලය විසින් ජෙරුසලම් දිනය සැමරීමට කටයුතු කරනු ලබන අතර පලස්තීනයට සහාය දක්වන පිරිස් සිටින ප්‍රදේශයන් හරහා ඔවුන් ජෙරුසලමේ උතුරු දොරටුව වෙත ජාතික ධජයන් ද රැගෙන පාගමනින් පැමිණිය.

යුද විශේලේෂකයන්ගේ අනතුරු ඇඟවීම ඇත්ත වෙයි

හමාස් සංවිධානය විසින් කළ අනතුරු ඇඟවීම පිළිබඳව ඊශ්‍රායල යුද විශ්ලේ්ෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබුණු අතර ඔවුන් විසින් ඊශ්‍රායල රජය වෙත පවසා තිබුණේ හමාස් සංවිධානය බොහෝ විට රොකට් ප්‍රහාරයන්ට නොයා ගිනි ඇවිලෙන සුළු බැලුම් ප්‍රහාරයන් මාලාවක් දියත් කළ හැකි බවයි.

ඔවුන්ගේ විශ්ලේෂණය ඒ අනුව ඇත්තක් බවට පත්වී තිබුණු අතර හමාස් සංවිධානය විසින් කියු ලෙසම ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.

ඊශ්‍රායල ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඊශ්‍රායල වෙත පැමිණි හමාස් ගිනි බැලුම් ප්‍රහාරයන් හේතුවෙන් අවම වශයෙන් ගිනි ගැනීම් 20ක් පමණ වාර්තා වී ඇති බවයි.

නෆ්තාලි රජයේ දැඩි ප්‍රතිචාරය

දින 11ක් සඳහා පනවා ගෙන තිබූ සටන් විරාමය අවසන් වුවත් පවත්වාගෙන ආ සාමය කඩ කරමින් හමාස් සංවිධානය විසින් දියත් කළ ප්‍රහාරයට උග්‍ර දක්ෂිණාංශික ජාතිකවාදී නායකත්වයක් ඇති දරන ඊශ්‍රායල රජය විසින් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබුණි.

ඒ අනුව හමාස් සංවිධානයේ ඉතිරි ඉලක්ක වෙතත් ප්‍රහාරයන් දියත් කරන්නට නව ඊශ්‍රායල රජය කටයුතු කර තිබුණි. ඒ අනුව අද ඊශ්‍රායල වේලාවෙන් අලුයම 1.00ට පමණ ප්‍රහාරයක් දියත් කර තිබුණු අතර ප්‍රහාරය එල්ල වී තිබුණේ හමාස් සටන්කරුවන්ගේ පුහුණු කඳවුරක් වෙතයි.

මෙම ප්‍රහාරයන් දියත් කිරීම ඊශ්‍රායලය ආරක්ෂක අංශ නිල ට්විටර් ගිනුම හරහා තහවුරු කර තිබෙනවා.

ඔවුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ගිනි බැලුම් ප්‍රහාරයන්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 08:48