April 19, 2024

මොගඩිෂු අගනුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවටයි වාර්තා වන්නේ.

මේවන විට ලැබෙන වාර්තාවලට අනුව මෙම පිපිරුමෙන් පුද්ගලයින් 20ක් වත් මරණයට පත්ව තිබෙනවා.

මරණයට පත්වූවන්ගෙන් අති බහුතරය සිවිල් ජනතාව බව සඳහන්.

මරණ ගණන තවදුරටත් වැඩි විය හැකි බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

හමුදාව වෙත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට පැමිණ සිටි සිවිල් පුද්ගලයින් මෙහි ඉලක්කය වී ඇති අතර අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා පුද්ගලයින් පෝලිම් සැදී සිටි ස්ථානයකට පැමිණි බෝම්බකරු එය පුපුරවාගෙන ඇති බව සෝමාලියානු මාධ්‍ය පවසනවා.

කිසිදු සන්නද්ධ කණ්ඩායමක් මේවන තෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.

පසුගිය මාසයේ ද මොගඩිෂු නුවර පොලිස් ස්ථානයක් ඉලක්ක කරගෙන මෙවැනිම ආකාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් මියගිය ගණන 06ක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 16:44