April 18, 2024

ඊශ්‍රායල නව රජයට හමාස් තර්ජනය කරයි - ප්‍රහාරයක් සඳහා සුදානමක්?

වසර 12ක් පැවැති බෙන්ජමින් නෙතන්යාහු පාලන සමය බිඳ දමමින් තේරී පත් වූ නෆ්තාල බෙනට්ගේ නායකත්වයෙන් යුතු ඊශ්‍රායල නව රජයට සිය පළමු අභියෝගය මේ වන විටත් එල්ල වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේ දී සතියකට අධික කාලයක් පැවති දැඩි යුද ගැටුම්වලින් පසුව ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කරගෙන සිටිනවා. නමුත් හමාස් සංවිධානය විසින් නැවත වරක් ඊශ්‍රායල වෙත තර්ජනය කරමින් සිටිනවා.

තර්ජනයට හේතුව වුණු සිදුවම

1967 දී ආරම්භ වු සය දින යුද්ධයෙන් ඊශ්‍රායලය ජය ලබා  ගැනීමෙන් පසුව ජෙරුසලමේ පාලනය ඊශ්‍රායලය වෙත හිමි විය. මෙම දිනය සැමරුම වස් ඊශ්‍රායල විසින් “ජෙරුසලම් දිනය” නමින් සෑම වසරකම මැයි මාසයේ දී ඊශ්‍රායලයේ සිට ජෙරුසලම දක්වා පාගමනින් ජාතික ධජයන් ද රැගෙන ගමන් කරනු ලබනවා.

පසුගිය මැයි මාසයේ දී මෙම පාගමන පැවැත්වීමට නියමිතව තිබුණත් පැවැතුණු යුදමය තත්ත්වය හේතුවෙන් නෙතන්යාහු පාලනය විසින් එය අද (15) දිනය දක්වා කල් දැමීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව නෆ්තාලි බෙනට්ගේ නව රජය විසින් මෙම පාගමන පැවැත්වීමට කටයුතු කිරීමට සුදානමින් සිටින්නේ. මෙම පාගමනට පලස්තීනය විසින් සිය දැඩි විරෝධය පළ කරන බවටද වාර්තා වෙනවා.

හමාස් සංවිධානයේ තර්ජනය

හමාස් සංවිධානය විසින් මෙම පාගමන නොපවත්වන ලෙස දැඩි තර්ජනයක් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හමාස් සංවිධානය විසින් එහිදී පවසා ඇත්තේ තමන් මෙම පාගමන පිළිබඳව ගාසා තීරයේ සිට බලා සිටින බවත් පාගමන ජෙරුසලම වෙත ගියහොත් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කර බවයි. මෙම ප්‍රහාරයන් පසුගිය මැයි මාසයට සමානව කිසිදු වෙනසක් නොවන බවද ඔවුන් තර්ජනය කරමින් පවසා තිබුණා.

තර්ජනයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය

ඊශ්‍රායල නව රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වන ඔමර් බාර්-ලෙව් විසින් සඳහන් කර සිටියේ පාගමන සඳහා නව රජය විසින් සියලු අවසරයන් ලබාදී ඇති බවත්, ගැටුම් නොමැතිව මෙම ක්‍රියාවලිය කරගෙන යෑම සඳහා පොලිස් උපදෙස් ලබාගැනීම කටයුතු කරන බවයි.

මෙම පාගමන පලස්තීන පාලන බලයක් සහිත ප්‍රදේශයන්වලින් ගමන් කිරීමට නියමිත බැවින් ඊශ්‍රායල පොලීසිය විසින් පාගමනේ සංවිධායකයන්ට අනතුරු අඟවමින් පවසා තිබුණේ එම ප්‍රදේශ හරහා ගමන් නොකරන ලෙසයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ පසුගිය යුද ගැටුම් පැවති සමය තුළද එම ප්‍රදේශවල කලහාකාරී සිදුවීම් මෙන්ම ගැටුම් වාර්තා වීමයි.

ඊශ්‍රායලයේ ආරක්ෂාව තර කරයි

අද (15) දිනයේ ගැටුමක් සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් ඊශ්‍රායලයේ නැගෙනහිර ජෙරුසලමේ සහ බටහිර ඉවුරේ වෙත ගෙන්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම හමාස් සංවිධානයේ තර්ජනයට පිළිතුරු වශයෙන් එරට ගුවන් ආරක්ෂාව වැඩි කිරීමට සුදානම් කර ඇති බවද ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

ඊශ්‍රායල යුද විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇත්තේ හමාස් සංවිධානය රොකට් ප්‍රහාරයන් වෙනුවට බොහෝ විට දේශ සීමාව ගිනි ඇවිලිය හැකි බැලුම් ප්‍රහාරයන් දියත් කරනු ඇති බවයි.

Rate this item
(1 Vote)