March 28, 2024

ඊශ්‍රායල හිටපු අගමැතිට දාලා යන්න බැරි වුණු “අගමැති පුටුව”

ඊශ්‍රායලයේ සිදු වුණු බල පෙරළියෙන් පසුව දැන් නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නව සභාග ආණ්ඩුවක් පිහිටවා තිබෙනවා.

පසුගිය ඉරිදා (12) දිනයේ දී ඊශ්‍රායල හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දෝෂාභියෝගය සඳහා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පවත්වා ඡන්දය විමසීම සිදුකර තිබුණා.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් බෙන්ජමින් නෙතන්යාහු වසර 12ක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන ආ බලය බිඳ වැටුණු බවට පැවසීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ඔලවරසන් දෙමින් ප්‍රීති ඝෝෂා කර තිබුණා.

තමන්ගේ පරාජයෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීම සඳහා නෙතන්යාහු විසින් සිය විපක්ෂ සගයා වන නෆ්තාලි බෙනට් අසළට ගොස් අතට අත දී සුබ පැතුම් එක් කළා.

ඡන්දය පරාජයට පත් වුණු පසුව බෙන්ජමින් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස පිළි නොගන්නා අතර සම්ප්‍රදාය අනුව ඔහු සිය අසුනෙන් නැගිට යා යුතුව තිබුණා. 

නමුත් නෆ්තාලිට සුබ පැතීමෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු විසින් නැවත වතාවක් සිය අග්‍රාමාත්‍ය පුටුවටම පැමිණ අසුන් ගන්න කටයුතු කරනවා.

පසුව තවත් මන්ත්‍රීවරයෙකු පැමිණ දැනුම් දීමෙන් අනතුරුව තිගැස්සෙන හිටපු අගමැතිවරයා වහාම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට වෙන්කර තිබූ අසුනෙන් නැගිට යන්නට කටයුතු කළා.

මෙම සිදුවීම අද (14) දිනයේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පහත ආකාරයෙනි.

Rate this item
(1 Vote)