April 16, 2024

“ඔබ මිනීමරුවෙක්ද?” - මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයට රුසියානු ජනපති දුන් උත්තරය

රුසියානු නායක ව්ලැද්මියර් පුටින් යන නාමය ඇසු පමණින් ලෝකයේ බොහෝ දෙනෙකු හට ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස දකින ආකාරය විවිධය.

සමහර අවස්ථාවලදී පිරිසක් ඔහු දක්ෂ රාජ්‍ය නායකයෙකු ලෙස හඳුන්වයි, තවත් පිරිසක් ඔහු වීරයෙකු ලෙසද හඳුන්වයි. තවත් සමහර පිරිසක් ඔහු කෲර දරුණු ඒකාධිපති පාලකයෙකු ලෙසද හඳුන්වනු ලබනවා.

මෙවන් කතා බොහෝමයක් පටබැඳී ඇති රුසියානු නායක ව්ලැද්මියර් පුටින් මේ දිනවල ගත කරන්නේ මහා බ්‍රිතාන්‍යයේ, ඒ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටයි.

බ්‍රිතාන්‍ය තුළ මේ දිනවල G7 ලෝක බලවතුන්ගෙන් සමුළුව පැවැත්වෙනවා. රුසියාවත් G7 රටක් වුණත් දැන් ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කරලා තියෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ව හමුවේ අරමුණින් බ්‍රිතානයේ සිටින රුසියානු ජනාධිපතිවරයා සමඟ ඇමෙරිකානු මාධ්‍යජාලයක් වන එන් බී සී (NBC) නාලිකාව විසින් සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මෙහිදි ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයෙකු වන ව්ලැද්මියර් පුටින්ගෙන් මාධ්‍යවේදියා ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශකින් හරි අපුරු ප්‍රශ්නයක් අසනු ලබනවා.

මාධ්‍යවේදියා : අපි ජනපති බයිඩන්ගෙන් ඇසුවා ඔබ රුසියානු ජනාධිපතිවරයා මිනීමරුවෙකු ලෙස විශ්වාස කරනවද කියලා, එවිට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ “ඔව් මං විශ්වාස කරනවා” කියලා.

මාධ්‍යවේදියා : ඔබ ඇත්තටම මිනීමරුවෙක්ද?

රුසියානු ජනපති : (සිනාසෙමින්) මගේ සේවා කාලය තුළ මම විවිධ ආකාරයෙන් පහර ගැසීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ අතර රළු දේවල් මෙන්ම වර්ණාවන් තියෙනවා. මෙම ප්‍රකාශය මම සමස්ත ඇමෙරිකානු සංස්කෘතියේම ප්‍රකාශනයක් කියලා හිතනවා.. 

තවමත් මෙම රාජ්‍ය නායකයන් දෙපළගේ සාකච්ඡාව ආරම්භ වී නැතත් ඔවුන් දෙදෙනා හමුවීමටත් පෙර සිටිම එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බව නම් ජාත්‍යන්තර මාධ්‍ය දෙස බැලීමේදී දැක ගැනීමට පුළුවන් දෙයක් බවට පත්වෙලා.

මාධ්‍යවේදියා ප්‍රශ්නය අසන අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(2 votes)
Last modified on Saturday, 12 June 2021 20:55