April 19, 2024

දරුවන් දස දෙනෙකු එකවර බිහි කළ තමාරා (PHOTOS)

නිවුන් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට දකුණු අප්‍රිකානු මවක් සමත් වී තිබෙනවා.

තමාරා සිතෝලේ නම් වූ ඇය 37 හැවිරිදි කාන්තාවක්.

පිරිමි දරුවන් 07 දෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු මෙලෙස බිහි වී ඇති බව සඳහන්.

දරුවන් 10 දෙනාගෙන් 05 දෙනෙකු සාමාන්‍ය පරිදි බිහිවූ බවත් අනෙක් 05 දෙනා සිසේරියන් සැත්කමක් මගින් බිහිවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

තමන් බෙහෙවින්ම සතුටට පත්ව සිටින බවත්, එය කොපමණ ද කිවහොත් තමන් හට වචන ගලපා ගැනීමට පවා නොහැකි බවත් දරුවන්ගේ පියා හැඟුම්බර වෙමින් පවසනවා.

වඩාත් විශේෂ කාරණය වන්නේ තමාරා සිතෝලේ මීට පෙර ද නිවුන් දරුවන් දෙදෙනෙකු බිහිකර සිටීම යි.

මෙවර දරුවන් 10 දෙනෙකු දරාගෙන සිටීම දැඩි අපහසු කාර්යයක් වූ බව ද ඇය පවසනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ ආකාරයේ දරුවන් වැඩි ගණනක් පිළිසිඳ ගැනීමේ දී මවට සහ දරුවන්ට දැඩි ජීවිත අවධානමක් පවතින බවයි.

ඒ අනුව මේ අයුරින් නිරුපද්‍රිතව දරුවන් විශාල ගණනක් බිහිවීම දුර්ලභ සිදුවීමක් බව ද ඔවුන් පවසනවා.

මෙය ගිනස් වාර්තාවක් ලෙස ද සැළකෙන අතර ඇය මෙලෙස බිඳ හෙලුවේ පසුගිය මාසයේ දී 25 හැවිරිදි මොරොක්කෝ ජාතික මවක් නිවුන් දරුවන් 09 දෙනෙකු බිහි කර තැබූ වාර්තාවයි.

New world record' as South African mother gives birth to 10 babies -  Independent.ie

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 June 2021 13:25