March 29, 2024

පලස්තීනයට සහය දුන් පිරිසක් පාකිස්තානයේ දී මරාදමයි

පලස්තීනයට සහය පළ කරමින් පාකිස්ථානයේ පැවැති විරෝධතාවයකට බොම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේවන විට ඉන් 06 දෙනෙකු හෝ මියයන්නට ඇති බවයි.

එමෙන්ම 12ක පමණ පිරිසක් තුවාළ ලබා ඇති බව ද වාර්තා වෙනවා.

පිපිරීමෙන් අනතුරුව වහාම එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

ගාසා තීරය වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර සහ ඉන් පලස්තීන ජනතාව මරණයට පත් වීම ආදියට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ “ජමියත් උලමා ඊ ඉස්ලාම්” නමැති දේශපාලන පක්ෂයක් විසින්.

පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉඟි පළ කරන්නේ මියගිය පිරිස සහ තුවාළ ලැබූවන්ගේ සංඛ්‍යාලේඛණ තව දුරටක් ඉහළ යා හැකි බවයි.

මේ අතර පාකිස්තාන පොලීසිය සැක පහළ කරන්නේ විරෝධතාවය සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි “ජමියත් උලමා ඊ ඉස්ලාම්” පක්ෂයේ ප්‍රබලයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි.

කෙසේ වෙතත් එම පක්ෂ ප්‍රබලයාට කිසිදු හානියක් සිදු වී නැහැ.

මෙම ප්‍රහාරයේ වගකීම ද කිසිදු පාර්ශවයක් මෙතෙක් භාර ගෙන නොමැති බව ද සඳහන්.

Rate this item
(2 votes)
Last modified on Friday, 21 May 2021 18:09