April 24, 2024

පලස්තීනයට සහාය පළ කරමින් දේශ සීමාව පැන්න ලෙබනන තරුණයා ඊශ්‍රායල වෙඩි පහරින් මරුට

පලස්තීනයට සහාය පළ කිරීම සඳහා ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින දේශ සීමාව අසළට විශාල පිරිසක් රැස්ව සිට තිබේ.

ඔවුන් විසින් හිස්බුල්ලා සංවිධානයේ, පලස්තීනයේ සහ ලෙබනනයේ ධජ රැගෙන මෙතුලා ප්‍රදේශයේ ඇති දේශසීමාව අසළ උද්ඝෝෂණයක නිරත වෙමින් සිට ඇති අතර පසුව එම ප්‍රදේශයේ ඔවුන් විසින් ගින්නක් ඇති කර තිබේ. පසුව කලහාකාරී ලෙස හැසිරුණු ලෙබනන ජාතිකයන් පිරිසක් විසින් දේශ සීමා උල්ලංඝනය කරමින් ආරක්ෂිත වැට කඩා දමා ඊශ්‍රායලයට ඇතුළ වී හමුදා අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කර තිබේ.

එම අවස්ථාවේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එහිදී එක් තරුණයෙකු බරපතළ තුවාල ලබා මිය ගොස් ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය ජාලයක් වන KANN වාර්තා කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයන් මියගොස් තිබුණේ වයස අවුරුදු 21ක් වන තරුණයෙකු බවට බිබිසී මාධ්‍ය ජාලය ආනවරණය කර තිබුණි. මෙම මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

වැට කඩා ඇතුළු වී ගින්නක් ඇති කළ පිරිස වෙත අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට ඊශ්‍රායල ආරක්ෂක අංශයන් මීට පෙර සඳහන් කර තිබුණි.

හිස්බුල්ලා සංවිධානයේ ආධාරකරුවන් පිරිස දේශසීමා උල්ලංඝනය කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)