April 24, 2024

හමාස් කොඳු නාරටිය බිඳ වැටෙයි : ඊශ්‍රායලය හමාස් සංවිධානයේ රහසිගත සටන් ක්‍රමය වනසා දමයි

ඊශ්‍රායල හමුදා අංශයන්ට ප්‍රබල අභියෝගයක්ව තිබූ එමෙන්ම හමාස් සංවිධානයේ කොඳු නාරටිය මෙන් තිබූ රහසිගත උමං මාර්ග පද්ධතිය වෙතට ඊශ්‍රායල ගුවන් හමුදාවන් බෝම්බ හෙලා ඇති බවට වාර්තා වෙයි.

හමාස් සටන්කාමීන් විසින් පොළොව අභ්‍යන්තරයෙන් පවත්වාගෙන යන ලද රහස් උමං මාර්ග පද්ධතිය ඊයේ (13) දිනය වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති අතර අද (14) ආරම්භ වූ මෙහෙයුමේදී එම ඉලක්ක විනාශ කර දැමීමට සමත් වූ බවට ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙම උමං මාර්ග පද්ධතිය හරහා ඊශ්‍රායල හමුදාවන්ට නොපෙනී යෑමට සහ ප්‍රහාරයන් දියත් කිරීමට හමාස් සටන්කාමීන් සමත් වූ අතර ඔවුන් මෙම උමං මාර්ග ගාසා තීරයේ ඊශ්‍රායලය ආසන්නයට වන්නට ඉදි කර තිබුණි.

ඉතාමත් දිගු දුරකට දිවෙන මෙම උමං මාර්ග ප්‍රධාන පලස්තීන නගරවලින් ඇතුළු වීමට හැකි ලෙස ඉදි කර තිබුණේ 2007 වසරේ දී සිටයි.

මෙම උමං මාර්ග හරහා යුද වදින සටන්කාමීන් සමඟ සන්නිවේදන සම්බන්ධතා, ආයුධ ප්‍රවාහන ඇතුළු බොහෝ කටයුතු ප්‍රමාණයක් සිදුකර ගෙන ගොස් තිබුණි.

මෙවැනි උමං මාර්ග 32ක් ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් 14ක්ම ඊශ්‍රයාලය යටින් දිවෙන බවට සඳහන්.

ප්‍රහාරක යානා 160ක්, යුධ ටැංකි, දිගු දුර කාලතුවක්කු, පාබල බලඇණි එක්ව කළ මෙහෙයුමකින් අනතුරු මෙලෙස මෙම භූගත මාර්ග පද්ධතියට පහර දීමට හැකි වූ බව ඊශ්‍රායල හමුදා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම උමං මාර්ග පද්ධතියට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදා අංශවලින් ප්‍රසිද්ධ කර තිබුණේ මෙලෙසයි.

Rate this item
(10 votes)