April 25, 2024

ජීවිත අවදානම නොසලකා පලස්තීන වැසියන් දහස් ගණනින් ඊශ්‍රායලය සමඟ සටනට යුද පෙරමුණට එයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරය භූමියෙන් ආක්‍රමණය කිරීම සඳහා ගෙන යන මෙහෙයුමට එරෙහිව සටන් කිරීම සඳහා දහස් ගණනක පලස්තීන වැසියන් පාගමනින් දේශ සීමාවට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.

පලස්තීන බටහිර ඉවුරේ නගරයන් වන නබ්ලස්, හෙබ්‍රොන් සහ ජෙනින් හී දැවැන්ත ජනතාවක් මෙලෙස ගාසා තීරයට සහාය දැක්වීම සඳහා පාගමනින් පැමිණෙමින් සිටින බව වාර්තා වන අතර පොලීසි අංශ විසින් ජනතාව විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වෙයි.

මෙලෙස ජනතාව පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ ද පලස්තීන මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබුණි.

ඊයේ (13) දිනයේ දී ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ භූමිය ආක්‍රමණය කිරීම සඳහා එරට හමුදා අංශ කැඳවා ඇති අතර අද (14) එරට ගෝලානි පාබල හමුදා බලඇණිය විසින් ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් හමුදා සමඟ එක්ව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

දෙරට අතර පවතින ගැටුම් නිරාකරණය කිරීම සඳහා එළැඹෙන මැයි 16 වැනිදා එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ. 

පලස්තීන වැසියන් ගාසා තීරයට සහාය දැක්වීම සඳහා පැමිණෙන අයුරු,

Rate this item
(3 votes)