April 16, 2024

ඊශ්‍රායලය තුළ අමානුෂිකත්වය ඇරඹෙයි : අරාබි ජාතිකයන්ට දුටු තැන පහර දෙයි - ජාතික නාලිකා ජාතිවාදය වපුරයි

ඊශ්‍රාලය තුළ නගර කිහිපයක මේ වන විට ගැටුම් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. 

යුදෙව් ජාතිකයන් සහ ඊශ්‍රායලය තුළ සිටින අරාබි ජාතිකයන් අතර මෙම ගැටුම් නිර්මාණය වී ඇති අතර එම කෲර පහර දීම් එරට ප්‍රධාන නාලිකාව හරහාද විකාශය කර තිබේ.

මෙහිදී වාහනය ගමන් ගත් පුද්ගලයෙකු හට පහර දී වාහනය බිමට ඇද දමා වැඩිව පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් එරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් හරහා සජීවිව විකාශය කිරීමත් සමඟ ලෝකයේ බොහෝ රටවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

ජාතික නාලිකාවන් ඔස්සේ මෙලෙස මෙවැනි දර්ශන සජීවිව විකාශය කිරීම තුළින් ජනවාර්ගික ගැටුම් තවත් උග්‍ර වන බවට බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණි.

මේ වන විට ඊශ්‍රායල තුළ සිටින අන්ත ජාතිකවාදී කණ්ඩායම මුගුරු සහ වෙනත් ආයුධ රැගෙන නගර පුරා ගැටුම් ඇති කරමින් සිටින බවට වාර්තා වන අතර ආරබි ජාතිකයන් ද කණ්ඩායම්ද මෙලෙස රැස් වෙමින් සිටින බව සඳහන් වෙයි.

ඊශ්‍රායල පොලීසිය මඟින් මෙලෙස ප්‍රචණ්ඩාකාරීව හැසුරුණු පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහිදී කෝපයට පත්ව සිටින කණ්ඩායම් පුද්ගලයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)