March 29, 2024

හැරී සහ මේගන්ට තවත් රාජකීය ස්ථානයක් අහිමි වෙයි

මෑත කාලය තුළ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ වැඩිම කතාබහකට ලක් වූ යුවල වූ හැරී සහ මේගන් යුවලට තවත් රාජකීය ස්ථානයක් අහිමි වී තිබේ.

රාජකීය පවුලෙන් ඔවුන් දෙපළ ඉවත් වීමෙන් පසුව ලෝක ප්‍රසිද්ධ ඉටි ප්‍රතිමා නිර්මාණය කරනු ලබන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරය විසින් හැරී සහ මේගන්ගේ ඉටි ප්‍රතිමා වෙනම ස්ථානයක් වෙත යැවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉටි කෞතුකාගාරය තුළ හැරී සහ මේගන්ගේ ප්‍රතිමා මෙතෙක් තිබූ වින්ඩ්සර් පවුලෙන් ප්‍රතිමා අතරින් ඉවත් කර හොලිවුඩ් සුපිරි තරු සිටින ස්ථානය වෙත ගෙන ගොස් තිබේ.

කෞතුකාගාර බලධාරීන් විසින් කියා තිබුණේ හැරී සහ මේගන් දැන් සිටින්නේ ඇමෙරිකාවේ බැවින් ඔවුන් දෙපළට හොලිවුඩ් තරු සිටින ස්ථානය සුදුසු බවයි.

හැරී සහ මේගන් රාජකීය පවුලෙන් ඉවත් වී වසරක පමණ කාලයක් ගත වන අතර රාජකීය පවුල පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් ද කර තිබුණි.

Rate this item
(0 votes)