April 25, 2024

පලස්තීනයේ කාලය අවසන් : ඊශ්‍රායල ප්‍රබල ආක්‍රමණයකට සැරසෙයි - සියලු හමුදා බලඇණි රැස් කරයි

පලස්තීනය ආක්‍රමණය කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සිය හමුදාවන් රැස් කරමින් සිටින බවට වාර්තා වෙයි.

හමාස් සටන්කාමීන් විසින් ඉදිරිපත් කර තිබූ සටන් විරාම යෝජනාවක්  තමන් ප්‍රතික්ෂේප කළ බව ඊයේ (12)  රාත්‍රියේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු රජයට දැනුම් දුන් බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරය භූමියෙන් ආක්‍රමණය කිරීම සඳහා මේ වනවිටත් එරට පැරෂුට් බළකායේ සෙබළුන්, ගෝලානි පාබල සේනාංකය සහ 7 වන සන්නද්ධ බළකාය ඇතුළු අතිරේක භට පිරිස් ගාසා තීරයේ දේශ සීමාව වෙතට රැස් කර ඇති බවට අයිඩීඑෆ් ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හිඩායි සිල්බර්මන් විසින් ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ගාසා තීරය භූමියෙන් ආක්‍රමණය කිරීම සඳහා සැලැසුම් කිහිපයක්ම අනුමත වී ඇති බවයි.

ගාසා තීරයට ආක්‍රමණය කිරීමේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂ බලකා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අවිව් කොචාවි විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ වන විටත් හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 1500කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවට වාර්තා වෙන අතර ඊශ්‍රායල වැසින් 06 දෙනෙකු ප්‍රහාර හමුවේ මියගොස් තිබේ. 

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගුවන් ප්‍රහාර 650කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබූ අතර ගාසා තීරයේ උස ගොඩනැගිලි සියල්ලම බිම හෙලා තීබේ. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ දරුවන් 17 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින්ද ඊශ්‍රායලයට තමන්ට එල්ල වෙන රොකට් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඇති අයිතියක් ඇති බවට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම ගැටුම් වාහම නිමාවට පත්විය යුතු බවයි.

චීනය විසින් ද එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්කර ඇති අතර ඇමෙරිකාව දේශපාලන පලිහක් කරගනිමින් ඊශ්‍රායලය ගෙන යන යුද ගැටුම් නැවැත්විය යුතු බවත්, දෙරට අතර ගැටුම සමතයකට පත් කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය වහාම මැදිහත් විය යුතු බවත් පවසා තිබේ.

රුසියාවද මේ සම්බන්ධව සිය අදහස් ප්‍රකාශ කර තිබූ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා එය ප්‍රකාශයට පත් කරමින් පවසා තිබුණේ අන්‍යෝන්‍ය පදනමක් මත ඇති කරගන්නා ගිවිසුමක් මාර්ගයෙන් හමාස් සටන්කාමීන් මෙම ගැටුම් අවසන් කිරීමට එකඟතාවය පළ කර ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායලයට අල්-අක්සා ඉස්ලාම් පූජා භූමියේ කරගෙන යන බලහත්කාර ක්‍රියා නතර කරන ලෙසට ජාත්‍යන්තරය තරයේ කියා සිටි යුතු බවද පවසා තිබේ.

අල්-අක්සා ඉස්ලාම් පූජා භූමියේ දී පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් පසුව දෙරට දැඩි ගැටුමක් නිර්මාණය කරගෙන තිබේ.

Rate this item
(4 votes)