April 19, 2024

ලෝකයේ යුද විශේෂඥයා වූ ඊශ්‍රායලයේ ප්‍රබල මිසයිල ගාසා තීරය වනසා දමන හැටි වීඩියෝව එළියට

ජෙරුසලම මූලික කරගෙන ඇතිව තිබෙන අර්බුදය හමුවේ ඊශ්‍රායලය සහ පලස්තීනය මාරාන්තික යුද්ධයකට අවතීර්ණ වෙමින් සිටියි.

මේ වන විට පලස්තීනය හමාස් සංවිධානය විසින් මිසයිල ප්‍රහාර 200ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර 130ක් ගාසා තීරයේ ඉලක්ක කිහිපයක් වෙත එල්ල කර තිබේ.

ඊශ්‍රායලය විසින් නිකුත් කළ වාර්තාවන් අනුව හමාස් සංවිධානයේ සමාජිකයන් 15 දෙනෙකු, හමාස් බුද්ධි මෙහෙයුම් කාර්යාලය, මුරපොළවල්, භූගතව ඇති රහසිගත ගමන් මාර්ග ඉලක්ක ගත කරගෙන මෙම ප්‍රහාරයන් දියත් කර තිබේ.

මෙම ප්‍රහාර හමුවේ පලස්තීනයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතර ළමුන් 09 දෙනෙකුද සිටින බවත් තවත් 95ක් තුවාල ලබා ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබේ.

ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට යුටියුබ් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)