March 29, 2024

ලෝකයම බියට පත්කළ චීන රොකොට්ටුව කඩා වැටෙන හැටි පුද්ගලයෙකු වීඩියෝ කරලා

චීනයට අයත් Long March-5b රොකොට්ටු ඊයේ (09) දිනයේ දී අපේක්ෂා කළ අයුරින්ම පෘථිවිය වෙත කඩා වැටුණි.

මෙම රොකොට්ටුව මාලදිවයිනට ආසන්න සාගර කලාපයට වැටී ඇති අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොතිබුණි.

මෙම රොකට්ටුව වායුගෝලයට ඇතුළු වීමත් සමඟ එහි කොටස් බොහෝමයක් විනාශ වී ගොස් ඇති බවටත් එය ඉන්දීයානු සාගරයට වැටෙන අවස්ථාවේ සම්පුර්ණයෙන්ම විනාශ වී යන්නට ඇති බවත් චීන බලධාරීන් විසින් සඳහන් කර සිටියි.

එමෙන්ම ලෝකයේ බොහෝ අභ්‍යාවකාශ නිරික්ෂණ ආයතන මෙන්ම ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින්ද ඊයේ (09) දිනයේ දී රොකොට්ටුවේ කඩා වැටීම තහවුරු කර තිබුණි.

මෙම කඩා වැටෙන රොකොට්ටුව සෞදි අරාබියට ඉහළ අහසින් ඉන්දීයානු සාගරය දෙසට ගිනිගෙන දැවෙමින් ඇඳී යන අයුරු එරට පුද්ගලයෙකු විසින් සිය කැමරාවේ සටහන් කර තිබුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 May 2021 12:35