April 23, 2024

අයි.පී.එල් විස්තර විචාරකයා තරඟාවලිය පැත්තකට දමා ඕස්ට්‍රේලියානු අගමැතිව පතුරු ගසයි

ඉන්දියාව තුළ පවතින මාරාන්තික කොරෝනා වෛරසය ඕස්ට්‍රේලියාවට පැමිණීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දීයාව සමඟ ඇති ගුවන් සේවා අත්හිටුවා තිබේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානුවෙකු එම නීති උල්ලංඝනය කරමින් ඕස්ට්‍රේලියාව වෙත පැමිණියහොත් ඔවුනට සිරදඬුවම් ලබාදෙන බවටද ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ඕස්ට්‍රේලියාවේ මෙම තීරණයත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ඉන්දියාව වෙත ගිය ඩේවිඩ් වෝර්නර්, ස්ටීව් ස්මිත් වැනි ක්‍රීඩකයන්ද, බ්‍රෙට් ලී සහ මයිකල් ස්ලැටර් වැනි විස්තර විචාරකයන්ද අවදානමකට ලක්ව තිබේ.

ඕස්ට්‍රේලියානු රජයේ මෙම පියවර පිළිබඳව කෝපයට පත්ව සිටින ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වර්තමානයේ විස්තර විචාරකයෙකු ද වන මයිකල් ස්ලැටර් විසින් ඔහුගේ ට්විටර් ගිනුම හරහා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ තීරණය දැඩිව විවේචනය කර තිබේ.

ඔහු එහිදී පවසා සිටියේ ඕස්ට්‍රේලියානු රජය විසින් එරට වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතනවා නම් තමන් ඇතුළු ඇතුළු අනිකුත් විචාරකයින්ට සහ ක්‍රීඩකයන්ට නැවත ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට ඉඩ ලබාදිය යුතු බවයි. මෙය තමන් ඇතුළු ක්‍රීඩකයන්ට සිදු කරන අපකීර්තියක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම තීරණය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ අත්වල නැවත පැමිණීමට නොහැකිව සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ රුධිරය ගැවී ඇති බවද මයිකල් විසින් සිය ට්විටර් ගිනුම තුළ සටහන් කර තිබුණි. ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ “ඔබ අපට මේ ආකාරයට සලකන්නේ කෙසේද? ඔබ නිරෝධායන පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? අයි.පී.එල් හි වැඩ කිරීමට මට රජයේ අවසරය තිබුණත් දැන් මාව රජය විසින් නොසලකා හැරලා.” යනුවෙනි.

ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීයාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා මැයි මස 15 වැනිදා දක්වා අත්හිටුවා ඇති අතර මීට පෙර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වන ස්කොට් මොරිසන් විසින් සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අදාළ පිරිස් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් පිටත් කර හරින බවයි.

Rate this item
(0 votes)