April 20, 2024

හුස්ම හිරවුණ ඉන්දියාවට ඉතාලියෙන් ඔක්සිජන් (PHOTOS)

ඉන්දියාවේ පවතින ඔක්සිජන් අර්බුදය හමුවේ ලොව බොහෝ රටවල් තමන්ට හැකි අයුරින් ඉන්දියාවට අධාර කිරීමට ඉදිරිපත් වී තිබිණි.

පසුගිය දා ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා පවසා තිබුනේ යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉතාලිය සතුව පවතින ඔක්සිජන් නිපදවීමේ පද්ධතියක් ඉන්දියාවට ලබා දීමට සුදානම් බවයි.

මේ වන විට එම ඔක්සිජන් නිපදවීමේ පද්ධතිය ඉතාලියේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් සමග ඉන්දියාව වෙත යවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි ඔක්සිජන් නිපදවීමේ පද්ධති මුලු ලෝකයටම ඇත්තේ 12ක පමන සුලු ප්‍රමාණයක් වන අතර ඉන් එක් යන්ත්‍රයක් මෙලෙස ඉන්දියාට ලබා දී තිබේ.

කෙසේ නමුත් ඉන්දියාවේ පවතින අර්බුධය හමුවේ ජර්මනිය ද ජංගම ඔක්සිජන් නිපදවීමේ පද්ධතීන් කිහිපයක් ඉන්දියාවට මේ වන විටත් ප්‍රධානය කොට තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 20:11