April 20, 2024

තවත් ඛේදවාචකයක් : මිය ගිය මවට හුස්ම දෙන්න දියණියන් දෙදෙනා අවාසනාවන්ත උත්සාහයක

ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දිනෙන් දින හදවත සසල කරවන කතාවන් බොහෝමයක් සංසරණය වෙමින් තිබේ. එවන් සංවේදී කතාවක් ඒෂියන් මිරර් වෙතද හමුවිය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහරේච් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක රෝගීන් ප්‍රවාහනය කරන ඇඳක් මත සිය අවසන් හුස්ම පොද හෙලන ලද මවක් ජීවත් කරවන්නට ඇයගේ දියණියන් දෙදෙනා අවාසනාවන්ත උත්සාහයක් ගන්නා ආකාරය මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

අසාධ්‍ය තත්ත්වයේ සිටි කාන්තාවගේ දියණියන් දෙදෙනා විසින් සිය මව රෝහලට ඇතුළත් කළ පසුව වෛද්‍යවරුන් වෙත පවසා සිටියේ තමන්ගේ මව මරණීය තත්ත්වයේ සිටින බවත් ඇයව ගලවා ගන්නා ලෙසත්ය.

එම දියණියන්ගේ මව හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළමින් සිටි බවත් ඇය බරපතළ තත්ත්වයේ සිටිනවා  දුටු වෛද්‍යවරුන් ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන ගියත් ඒ වන විටත් ඇය ජීවිතය හැර ගොස් තිබුණි.

වෛද්‍යවරුන් විසින් දියණියන් හට ඔවුන්ගේ මව මිය ගිය බවට ප්‍රකාශ කිරීමත් සමඟ දැඩි ලෙස චිත්ත පීඩාවට පත් දියණියන් දෙදෙනා මිය ගිය මවගේ මාතෘදේහයට කෘතිම ශ්වසනය දීමට පටන් ගත්තේ බිඳුණු හදවත්ද සහිතවයි.

එම සිදුවීම රෝහලේ සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන්ව තිබුණේ පහත අයුරිනි,

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 May 2021 12:55