April 24, 2024

ට්‍රම්ප්ගේ මඟ යන ජෝ බයිඩන් දැඩි තීරණයක : ඇෆ්ගනිස්ථානයට කරන්න යන දේ මෙන්න

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇෆ්ගනිස්ථානය පිළිබඳව අවසාන තීරණයකට එළැඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් පවසා සිටියේ වසර ගණනාවක් පුරාවට අවසන් නැති යුද්ධයක ඇෆ්ගනිස්ථානය සහ ඇමෙරිකාව පැටලී සිටින බවයි.

ඒ හේතුවෙන් වාහම ක්‍රියාත්මක වන පරිදි ඇෆ්ගනිස්ථානය තුළ සිටින සියලු ඇමෙරිකානු හමුදා අංශ නැවත ඇමෙරිකාව වෙත කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ යුද්ධය නිමාවට පත්විය යුතුයි යන්න ප්‍රකාශ කරමිනි.

මෙහිදී ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන අල්කයිඩා සංවිධානයේ ප්‍රහාරයන්ට බියේ පලා යනවා යැයි චෝදනාව එල්ල විය හැකි බවට වන චෝදනාවට ඇමෙරිකානු ජනාධීපතිවරයා ප්‍රකාශ කර සිටියේ අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බිල් ලාඩන් ඝාතනය කිරීම තුළින් ඇමෙරිකාව එම යුද්ධය ජයග්‍රහණය කළ බවයි.

ඇෆ්ගනිස්ථානය තුළ පැවැති ගැටුම්වලදී ඇමෙරිකානු යුද සෙබළු 2,448 දෙනෙකු ජීවිත අහිමිව තිබේ. එමෙන්ම ඇමෙරිකාව මෙම යුද්ධය සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වියදම් කර ඇතැයිද වාර්තා වෙයි. 2011 වසරේ දී ඇෆ්ගනිස්ථානය තුළ ඇමෙරිකානු යුද සෙබළුන් ලක්ෂයක් පමණ ස්ථාපනය කර තිබූ බවත් වාර්තා වෙයි.

එළැඹෙන මැයි 01 වැනිදා සිට මෙම යුද සෙබළු නැවත ඇමෙරිකාව වෙත කැඳවීම ආරම්භ කරනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඒ අනුව මෙම ක්‍රියාවලිය මැයි 01 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා කාලය තුළදි සිදු කිරීමට නියමිතය.

මෙම ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වන අතර වත්මන් ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

Rate this item
(0 votes)