April 24, 2024

තමන්ම නිර්මාණය කළ රථයේ ම අවසන් ගමන් යන පිලිප් කුමරු

පිලිප් කුමරුගේ අවමංගල්‍ය දිනය ලෙස එළැඹෙන අප්‍රේල් 17 වැනි සෙනසුරාදා සවස 3 යොදාගෙන ඇති බවට බකිංහැම් මාලිගාව අවධාරණය කර තිබේ.

පිලිප් කුමරුගේ අවසන් කැමැත්ත පරිදි මෙම උත්සවය ඉතාමත් සරළව පැවැත්වීමට නියමිතව ඇති අතර එය රාජකීය පවුලේ සමීපතම පුද්ගලයන් සඳහා පමණක් සීමා වනු ඇත.

පිලිප් කුමරුගේ අවසන් ගමන් රථය පිළිබඳව මේ වන විට කතාබහක් නිර්මාණය වී ඇති අතර එම රථයේ නිර්මාණ දායකත්වය සඳහා පිලිප් කුමරු ද සිය සහයෝගය දක්වා තිබීම විශේෂත්වයකි.

ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථයන්වලට දැඩි කැමැත්තක් දැක් වූ පිලිප් කුමරු එම සමාගම සමඟ එක්ව ඩිෆෙන්ඩර් 130 ගන් බස් (Defender 130 Gun Bus) නම් රථයක් නිර්මාණය කර තිබූ අතර එම රථයම කුමරුගේ අවසන් ගමන් රථය සඳහා යොදා ගනු ඇති බව වාර්තා වෙයි.

මහා බ්‍රිතාන්‍ය තුළ පවතින දැඩි කොරෝනා මර්දන නීතිය හමුවේ මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනු ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(1 Vote)