April 20, 2024

රාජකීයන්ගේ අවමංගල්‍යයටත් බලපෑ බ්‍රිතාන්‍ය කොරෝනා නීතිය

මහා බ්‍රිතාන්‍ය කිරුළ හිමි එලිසබෙත් රැජිනයගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ අවමංගල්‍යය සඳහා ඉතාමත් සුළු පිරිසක් සඳහා පමණක් ආරාධනා ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.

එළැඹෙන සතියේ දී එඩින්බරෝ හී ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බව බකිංහැම් මාලිගාව නිවේදනය කර තිබේ.

කොරෝනා වෛරසය සඳහා දැඩි නීති පනවා ඇති බ්‍රිතාන්‍ය තුළ මෙම අවමංගල්‍ය උත්සවයද එම සීමාවන්ට යටත්ව පැවැත්වීමට නියමිත බවත් බකිංහැට් මාලිගාව විසින් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය තුළ පනවා ඇති කොරෝනා වසංගත පාලන නීතිය යටතේ අවමංගල්‍යයකට සහභාගී විය හැක්කේ 30 දෙනෙකුට පමණක් බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යරයා වන බොරිස් ජොන්සන් ද මෙම අවමංග්‍ය සහභාගී නොවනු ඇති බවද විදෙස් ආරංචි මාර්ගා සඳහන් කරයි.

මෙම කොරෝනා නීතිය හමුවේ අවමංගල්‍ය සඳහා රාජකීය පවුලේ ඉතාමත් සමීපතයන් සඳහා පමණක් අවසර ලැබුණේ ඇති බව සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)