April 24, 2024

ඇය ලස්සන ගැහැනියක්: නිර්භීත ගැහැනියක් - මිලිටරි ආණ්ඩුවකට එරෙහිව සටන් වදින රූ රැජිනක්

විවාහක රූ රැජින ඔටුන්නකට මෙරට කාන්තාවන් මරා ගනිද්දී සිය රටේ මිලිටරි පාලනයට එරෙහිව හඬ නගන මියන්මාරයේ රූ රැජින පිළිබඳ ප්‍රසංසා සහගත සටහන් මෙරට බොහෝ අයගේ මුහුණු පොත් වල දක්නට ලැබේ.

"කරුණාකර මියන්මාරයට උදව් කරන්න.මුළු ලෝකයේම සහය මියන්මාරයට ලැබේවා යන්න මගේ පැතුමයි" සමස්ත ලෝක වාසීන්ගෙන් සිය රටේ මිලිටරි ආණ්ඩුවට විරුද්ධව උපකාර ඉල්ලන ඇය මියන්මාර රූ රැජින හැන් ලේ ය.

"අද මගේ මව් බිම අනතුරේ ඇති මොහොතක මේ වේදිකාව මත මා සිටගෙන සිටින්නේ ඉතා අපහසුවෙන්" යයි හැන් ලේ පවසන්නේ බිඳීගිය හඬකිනි.

දෙනෙත් පිරි කඳුලින් යුතු හැන් ලේ වැඩිදුරටත් සඳහන් කරන්නේ "මගේ මව්බිම මත මිය ගිය ඒ මිනිසුන් වෙනුවෙන් මගේ හදවත කඩා වැටේ." කියාය.

ඇගේ ප්‍රාර්ථනාව වන්නේ "ලෝකය සුවපත් කරමු." යන්නය.

මියන්මාර මිලිටරි ජුන්ටාවට එරෙහිව හඬ නගන ඇය ගැන එක් මුහුනු පොතක මෙසේ සටහනක් තබා තිබේ.

මියන්මාර රූ රැජින...හැන් ලේ
හරි ලස්සන ගැහැනියක්
නිර්භීත ගැහැනියක්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 April 2021 13:17