April 25, 2024

සුපිරි නළුවා පාපැදියෙන් ඡන්ද මධ්‍යස්ථානයට : ඡන්දය යටපත්වී තරු මතුවූ අමුතුම ඡන්දෙ

අසල්වැසි තමිල්නාඩුවේ ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවා ගැනීමේ ඡන්දය අද (6) පැවැත්වේ.

ඡන්දයටත් වඩා උණුසුම් වී තිබෙන්නේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන නළු නිළියන් පිළිබඳව ඡන්දදායකයන් තුළ තිබෙන උනන්දුවය.

දෙමළ සිනමා තරු පිස්සුවකින් පෙළෙන තමිල්නාඩු ඡන්දදායකයා එසේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි නලු නිලියන් සමග ඡායාරූප ගැනීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ද ඇති කර ගෙන තිබෙන බව වාර්තා වේ.

ජනප්‍රිය නළු අජිත් කුමාර් සාමාන්‍යයෙන් මාධ්‍යයට මුහුණදීමට කැමැත්තක් නොදක්වන්නෙක් ලෙස ප්‍රසිද්ධව සිටින අතර ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය රසිකයන් සමඟ ගැටුමක පැටලී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සුවිශේෂම අවධානය යොමු ව තිබුණේ දමිළ සිනමාවේ නූතන සුපිරි තරුව වන වඩා විජෙයි නීලන්කරෙහි පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පාපැදියකින් ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේ සිද්ධියටය.

සිය රසිකයන්ටද පාපැදියෙන් පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන විජෙයි පාපැදියකින් ගොස් ඡන්දය ප්‍රකාශ කළේ ශීඝ්‍රයෙන් ඉහළ යන වාහන වායු දූෂණය පිටු දැකීමට ද එසේත් නැතිනම් දිනෙන් දින අහස උසට නගින පෙට්‍රල් පිලට විරෝධයක් දැක්වීමටද යන්න කටකතාවක් ගොස් තිබේ.

විජෙයි මෙසේ පුෂ් සයිකලයෙන් පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබුණු අතර සැබෑම හේතුව වී තිබෙන්නේ ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය සිය නිවස පසු පිහිටා තිබීමය.

මේ හේතුව නිසා වාහනයක පැමිණ ඡන්දය ප්‍රකාශ කර ගැනීමට වඩා පුෂ් සයිකලේ පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් පහසු වීම විජෙයිගේ මෙම තීරණයට හේතුවී ඇති බව වාර්තා වේ.

මේ අතර දෙමළ සිනමාවේ සදාතනික සුපිරි තරුව වූ රජිනිකාන්ත්ද සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණි මුත් රසිකයන්ගෙන් ඈත්ව සිටීමට වග බලාගෙන තිබේ.

මීට ටික දිනකට පෙර රැජිනිකාන්ත් කෝවිඩ් රෝගී තත්වයෙන් පීඩා විද සුවපත්ව සිටින තරුවකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 16:23