April 20, 2024

ඉන්දීය සුපිරි නළු අක්ෂේ කුමාර් හදිස්සියේ රෝහල් ගත වෙයි

සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ව හදිසියේ රෝහල් ගත වී තිබේ. ඔහු මෙලෙස රෝහල් ගත වී තිබුණේ කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අක්ෂේ විසින් පවසා තිබුණේ තමන් සමඟ සම්බන්ධතා පැවැත්වූ අයත් විමසිල්ලෙන් පසුවන ලෙසයි.

53 හැවිරිදි වියේ පසුවන අක්ෂේ අද (05) දිනයේ දී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණු අතර ඔහු ස්වයං නිරෝධානයට යොමුව සිටි තිබේ.

කෙසේ වෙතත් ඔහු රෝහල් ගත වූ බවට පසුව තවත් ට්විටර් සටහනක් මඟින් ඔහු පවසා තිබුණි.

මීට අමතරව තවත් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන විකී කෞෂල් හටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.

Rate this item
(0 votes)