March 29, 2024

ෆයිසර් එන්නත ගැන දරුවන් යොදා කළ පරික්ෂණ එළියට

බයෝඑන්ටෙක් සහ ෆයිසර් සමාගම් එක්ව නිෂ්පාදනය කළ ලෝකයේ වැඩිම ප්‍රමාණයක් භාවිතයට ගත් කොවිඩ්-19 සඳහා වූ එන්නත අවුරුදු 12-15ත් අතර දරුවන්ටද ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගෙන දී ඇතැයි වාර්තා වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් දෙදහස් දෙසිය හැටක් (2,260)ක් යොදාගෙන කරන ලෙද මෙම පරික්ෂණයෙන් සීයයට සීයක් සාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකානු බලධාරීන් එළැඹෙන පාසල් වාරය වන විට නව යෞවුන් වියේ සිටින දරුවන් හට එන්නත ලබා දී ඔවුන්ව වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිය අවධානය යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)