April 18, 2024

යුක්රේනයේ සහයෝගීතා සහ විරෝධතා රැළි 

රුසියාවට පක්ෂපාතී ව සහ යුක්රේනයේ නව පාලනයට පක්ෂපාතී ව දස දහස් ගණනක් යුක්රේනයේ සහයෝගීතා සහ විරෝධතා රැළි පැවැත් වූහ.

රුසියානු හිතවාදී පිරිස පෙරදිගබද නගරයක්වන ලුහන්ස්ක්හි ප්‍රාදේශීය පරිපාලන ආයතනයේ බලය අල්ලා ගෙන නගරාධිපතිවරයා ව බලයෙන් පහ කර තිබේ.

ක්‍රිමියාවෙන් තසිය හමුදා ආපසු හරවා ගන්නා ලෙස එංගලන්ත සහ ජර්මානු නායකයෝ රුසියානු නායක පුටීන්ගෙන් ඉල්ලා සිටියහ. 

රටෙන් එක බිම් අඟලක් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව යුක්රේනයේ ජාතික කවියකුවන ටාරාස් ෂෙව්චෙන්කෝගේ 200 වැනි ජන්ම සංවත්සරය සමරමින් පැවැති උත්සවයේ දී කතා කළ යුක්රේන අගමැති අර්සෙනියි ගැට්සෙන්යුක් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)