April 25, 2024

තෙල් මිල ඉහළට - දැවැන්ත නෞකාවක් ලෝකයේ ප්‍රධාන නෞකා මාර්ගයේ හිරවෙයි

ලෝක නාවික ප්‍රවාහන සේවයේ ප්‍රධාන මාර්ගයක් වන සූවස් ඇළ මාර්ගයේ අඩි 1,312ක් (මීටර් 400ක්) පමණ දිගකින් යුතු බාහලුම් ප්‍රවාහන නෞකාවක් හිර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාව සිරවීම නිසා සූවස් ඇළ මාර්ගයේ මේ වන විට දැඩි නෞකා තබදයක් ද ඇතිව ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකා තදබදය හේතුවෙන් ලෝක තෙල් මිලටද පහර එල්ල වී ඇති අතර තෙල් මිය ඉහළ යෑමක්ද මෙම නිසා අපේක්ෂා කරන බවට වාර්තා වෙයි.

ගෝලීය නාවික වෙළෙඳ ප්‍රවාහන සේවයෙන් 12% ක් පමණ සූවස් ඇළ හරහා ගමන් කරන අතර එය මධ්‍යධරණී මුහුද රතු මුහුදට සම්බන්ධ කරන ප්‍රධානම නාවික ගමන් මාර්ගයද වෙයි.

එමෙන්ම ආසියාව සහ යුරෝපය අතර කෙටිම මුහුදු සම්බන්ධතාවයද මෙම සූවස් ඇළ මාර්ගය හරහා වැටී තිබේ.

මෙලෙස හිර වී තිබුණේ පැනමාවේ ලියාපදිංචි කර ඇති එවර්ග්‍රීන් මැරීන් සමාගමට අයත් නෞකාවක් එවර් ග්‍රීන් නෞකාව වන අතර එය චීනයේ සිට නෙදර්ලන්තයේ වරාය නගරයක් වන රොටර්ඩෑම් බලා පිටත්ව යමින් තිබුණු අතර මධ්‍යධරණී මුහුදට යන ගමනේදී ඇළ හරහා උතුරු දෙසට ගමන් කරමින් සිට තිබුණි.

මෙම නෞකාව සූවස් ඇළ හරහා වේගයෙන් ගමන් කර තිබුණු අතර එහි පටවා තිබුණු ටොන් 200,000ක් බර නිසා නෞකාව එක්වරම මාර්ගය හරහා පැත්තකට ගමන් කර තිබේ.

මීටර් 400ක් පමණ දිගකින් යුතු මීටර් 59ක පළලකින් යුතු මෙම නෞකාව නැවත ගමන් මාර්ගය දෙසට හැරවීම දැන් අපහසු වී තිබේ. මෙය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවද සඳහන් වෙයි.

Rate this item
(3 votes)
Last modified on Thursday, 25 March 2021 12:17