March 29, 2024

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳත් කොරෝනාවට ගොදුරු වෙයි

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන බුෂාරා බීබී හටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් පවසා තිබේ.

ඊයේ (20) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වූ බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළ අතර අද (21) අග්‍රාමාත්‍ය ආර්යාව හටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ වන විට අග්‍රාමාත්‍ය ආර්යාවද ස්වයං නිරෝධායනයට යොමුව සිටියි.

අග්‍රාමාත්‍යවරයා විසින් තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)