April 25, 2024

ජනපති ජෝ බයිඩන් ගුවන් යානයට නගින්න ගිහින් ඇද වැටෙයි - ලෝකයම නැරඹූ වීඩියෝව මෙන්න

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් ඊයේ (20) දිනයේ දී ඇට්ලන්ටා බලා පියාසර කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් යානය ගොඩ වීම සඳහා පඩිපෙල නගින අවස්ථාවේ පය පැටලී කිහිප අවස්ථාවක ඇද වැටෙන ආකාරය බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා ගුවන් යානයට ගොඩ වීම සඳහා පඩිපෙළට නැග පඩි 10 ක් පමණ ඉහළට නගිනවාත් සමඟ මෙලෙස පය ලිස්සා වැටී තිබේ.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු විසින් ජනාධිපතිවරා මුහුණ දුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ එම අවස්ථාවේ ගුවන් තොටුපොළේ තිබූ අධික සුළඟ නිසා ජනාධිපතිවරයාට පඩි පෙළ නැග ගැනීමට අපහසු වන්නට ඇති බවයි.

එමෙන්ම එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ සිදුවීමෙන් ජනාධිපතිවරයා කිසිදු ආබාධයක් නොමැති බවත්, ඔහු ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි. එමෙන්ම පඩි පෙළේ පය ලීස්සා යෑමක් පමණක් බවත් ඊටත් වඩා දෙයක් නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණි.

පසුගිය ජනවාරි මාසයේ දී ධූරයට පත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඇමෙරිකානු ඉතිහාසය තුළ එම ධූරයට පත් වයසින් වැඩිම ජනාධිපතිවරයා ද වෙයි.  ඔහු මේ වන විට 78 වැනි වියේ පසුවෙයි.

ජනාධිපතිවරයා ඇද වැටෙන අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 11:07