March 29, 2024

හැරී සහ මේගන්ගේ දික්කසාදය අතළඟ?

ඔප්රා ෆින්ෆ්‍රීගේ සම්මුඛ සාකච්ඡාවේදී මේගන් විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව හැරී සහ මේගන් විසින් දික්කසාද වීම සඳහා සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේගන් මර්කල්ගේ සහෝදරියක් වන සමන්තා මර්කල් විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී සමන්තා මර්කල් විසින් ප්‍රකාශ කර සිටියේ ඔප්රා ෆින්ෆ්‍රීගේ සාකච්ඡාවෙන් පසුව හැරී සහ මේගන් දෙදෙනාම දික්කසාදය සඳහා සුදානම් වන බවත් ඔවුන්ගේ විවාහය රැඳී තිබෙන්නේ උපදේශන සේවාවක් නිසා බවයි.

 මේගන් සහ හැරී දික්කසාද වීමට යන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, මේගන් විසින් ඔප්රා හට පවසා ඇත්තේ පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී මෙම යුවළ කොතරම් සතුටු වූවාද යන්නයි.

නමුත් මේගන්ගේ සුළු සහෝදරිය වන සමන්තා මර්කල් විසින් පවසා සිටින්නේ ඔවුන්ගේ කතාව දික්කසාදයකින් අවසන් වනු ඇති බවයි.

මේගන් විසින් සමන්තා මර්කල්ගේ චෝදනා ප්‍රතික්ෂේප කර සිටින අතර ඇය විසින් පවසා තිබුණේ තමන්ගේ සුළු සහෝදරිය වන සමන්තා මර්කල් සමඟ තමන්ගේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම ඇය දශක දෙකක කාලයක් තිස්සේ තමන්ගේ සුළු සහෝදරිය හමු නොවුණු බවද ඇය කියා සිටියාය.

සමන්තා හට මේගන්ගේ නම භාවිත කරමින් කරන ලද ගසාකෑම් සම්බන්ධවද චෝදනා මීට පෙර එල්ල වී තිබේ.

සමන්තා විසින් දිගින් දිගටම දෙදෙනා අතර දික්කසාදය ඇතිවිය හැකි බවට පවසා සිටින අතර ඇය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ හැරී කුමරුන් දැන් අසතුටින් පසුවන බවයි.

ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ TMZ නම් සඟරාව සමඟ සාකච්ඡාවක් පවත්වමිනි.

කෙසේ වෙතත් ඔප්රා ෆින්ෆ්‍රීගේ සාකච්ඡාවේදී දෙදෙනා අතර කිසිදු ආකාරයක ගැටුමක් හෝ අනවබෝධයක් තිබුණු බවට දැකගන්නට නොලැබුණු අතර හැරී විසින් මේගන්ගේ ප්‍රකාශයන්ට සිය සහයෝගයද පළ කළේය.

Rate this item
(0 votes)