March 29, 2024

හැරී සහ මේගන්ගේ සුපිරි මන්දිරයට හොරෙන් ඇතුළු වූ පුද්ගලයා අල්ලා ගනී

කාමර 11කින් යුතු හැරී සහ මේගන්ගේ සුපිරි නිවසට හොරෙන් ඇතුළු වූ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කැලිෆෝනියා පොලීසිය විසින් සමත්ව තිබේ.

මෙම පුද්ගලයා නිකලොස් බෲක්ස් නම් 37 හැවිරිදි පුද්ගලයෙකු ලෙස අනාවරණය කරගෙන තිබේ.

ඔහුව පසුගිය දෙසැම්බර් මාසයේ 26 වැනිදා මෙලෙස හැරී සහ මේගන්ගේ නිවසට ඇතුළු වීමට ගොස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම පුද්ගලයා විසින් දෙවැනි වරටත් එයම කිරීමට උත්සාහ කිරීමේදී නැවත වතාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හැරී සහ මේගන්ගේ සුපිරි නිවසට මෙම පුද්ගලයා ඇතුළු වන අවස්ථාවේ ඔවුන් නිවසේ සිටියාද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණේ හැරී විසින් ඔපෙරා ෆින්ෆ්‍රීරීගේ වැඩසටහනකදී රාජකීයන් විසින් තමන්ගේ ආරක්ෂාව ඉවත් කළ බවට චෝදනාවක් එල්ල කිරීමෙන් සතියකට පසුව වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)