March 29, 2024

මේගන්ට එරෙහිව පරික්ෂණයක් : රාජකීයන් විශේෂ නියෝගයකුත් නිකුත් කරයි

පසුගියදා ලෝක ප්‍රසිද්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන ඔපෙර් ෆින්ෆ්‍රීරීගේ වැඩසටහනකදී හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් විසින් ලෝකයම මවිතයට පත් කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ඇය විසින් කියා සිටියේ බ්‍රිතාන්‍ය රාජකීයන් යනු වර්ගවාදී අදහස් ඇති අය බවත්, තමන්ගේ දරුවාගේ සමේ වර්ණය පිළිබඳව පවා ඔවුන් කනස්සල්ලයට පත් වූ බවත්, තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුණු බවත්ය.

මෙම ප්‍රකාශය සමඟම බ්‍රිතාන්‍ය රාජකීයන් ගැන ලෝකය තුළ උණුසුම් කතාබහක් නිර්මාණය වු අතර මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීයන් විසින් විශේෂ පරික්ෂණයක් ද ආරම්භ කර තිබේ.

රාජකීයන් විසින් මෙම පරික්ෂණය සඳහා මේ වන විට මේගන් මර්කල් හට පවසා ඇත්තේ ඇයට එවන් වර්ගවාදී අදහස් ඇතිව එවූ ඊ-මේල්, මැසේජ් හෝ දුරකථන ඇමතුම් ඇත්නම් ඒවා වාහම සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම මේගන් විසින් තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි රැස් කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේගන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවමත් එලිසබෙත් රැජින හෝ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් විසින් ප්‍රකාශයන් නිකුත් කර නොමැත.

Rate this item
(1 Vote)