April 24, 2024

ඉන්දියාවේ මගී දුම්රියක් හදිසියේ ගිනි ගනී

ඉන්දීයාවේ දිල්ලි දුම්රිය ස්ථානයේ සිට දෙහේරාදූන් දුම්රිය ස්ථානය බලා පිටත් වූ ‘ෂටාබ්ඩි’ සීඝ්‍රගාමී දුම්රිය කසාරෝ දුම්රිය ස්ථානය ආසන්නයේ දී හදිස්සි ගිනි ගැනීමකට ලක්ව තිබේ.

මෙම ගින්න ඇතිව තිබුණේ C5 දුම්රිය මැදිරියේ වන අතර ඉතිරි දුම්රිය මැදිරිවලටත් ගින්න ඇති වීමට පෙර එම දුම්රිය මැදිරි ගලවා ඉවත් කිරීමට බලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

නව දිල්ලියේ දුම්රිය නිලධාරීන් පැවසුවේ කෙටි පරිපථයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ගින්න ඇතිවෙන්නට ඇති බවයි.

එමෙන්ම මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවන අනතුර ගිනි නිවන භටයන් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

දුම්රියේ සිටි මගීන් වෙනත් මැදිරිවලට නංවා නැවත දෙහේරාදූන් වෙත ‘ෂටාබ්ඩි’ සීඝ්‍රගාමී දුම්රිය ගිය බවද දුම්රිය නිලධාරීන් විසින් ඉන්දීයානු මාධ්‍ය වෙත දන්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 March 2021 23:55