April 16, 2024

දැවැන්ත උල්කාවක් පෘතුවිය අභියස

අඩි 3000ක විශ්කම්බයෙන් යුත් දැවැන්ත උල්කාවක් එළැබෙන 21 වනදා පෘතුවිය අභියසින් ගමන් කිරීමට නියමිත බව නසා ආයතනය නිවේදනය කර ඇත.

එය මේ වසරේ පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන විශාලතම උල්කාව බව සඳහන් වේ.

මීට වසර 20කට පෙර සොයා ගැණුනු "2001 FO 32" ලෙස නම් කෙරුනු මෙම උල්කාව පෘතුවියට සැතපුම් මිලියන 1.5 ක් ආසන්නයෙන් ගමන් කෙරෙනු ඇති බව වාර්තා වේ.

එය දල වශයෙන් පෘතුවිය සහ සඳ අතර පවතින දුර මෙන් පස්ගුණයක් බව නාසා ආයතනය පවසයි.

මෙය අනතුරු විය හැකි උල්කාවක් බවත් මේම උල්කාව පෘතුවිය පසුකර ගමන් කරන්නේ පැයට සැතපුම් 77000 ක් වේගයකිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 March 2021 16:00