April 19, 2024

සිය සහෝදරයාගේ බිරිඳගේ ප්‍රකාශයට එරෙහිව විලියම් කුමරු හඬ අවදි කරයි

කේම්බ්‍රිජ් හී ආදිපාදවරයා වන විලියම් කුමරු විසින් තම සහෝදරයා වන හැරීගේ බිරිඳ වන මේගන් විසින් ඔපෙරා ෆින්ෆ්‍රිරීගේ වැඩසටහනකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය හඬ අවදි කර තිබේ.

මෙහිදී මේගන් විසින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලට චෝදනා කරමින් පවසා සිටියේ බ්‍රිතාන්‍ය රාජකීයන් යනු වර්ගවාදීන් බවයි. ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිසා තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුණු බවට මේගන් විසින් පවසා තිබුණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් විලියම් කුමරු සඳහන් කර සිටියේ තම පවුල වර්ගවාදී පවුලක් නොවන බවයි. එමෙන්ම තමන්ට සිය සහෝදරයා සමඟ කතා කිරිමට නොහැකි වු බවත් දැන් ඔහු සමඟ කතා කිරීමට සුදානම් බවත් විලියම් කුමරු පවසා තිබුණි.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් තවමත් හැරිගේ පියා වන චාල්ස් කුමරු සිය අදහස් දක්වා නොමැත.

Rate this item
(0 votes)