April 25, 2024

සඳ මත චීන - රුසියා හවුල් නවාතැනක්

සඳ මත චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුසියානු සහ චීන අභ්‍යවකාශ නියෝජිත ආයතන ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සඳ මත මානව පැවැත්මක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව, දිගුකාලීන මිනිසුන් රහිත මෙහෙයුම් සඳහාත් පුළුල් පර්යේෂණ අත්හදා බැලීම් සඳහාත් සහාය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.මීට පෙර නාසා ආයතනය සද මත පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර තිබුනි.  ඒ "ආර්ටිමස් " නමින්. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කාලයේදී 2024 වන විට සඳට ප්‍රථම වරට කාන්තාවක් යැවීමට සැලසුම් කර තිබුනත් "බයිඩන්ගේ " පාලන කාලය තුල එම ව්‍යාපෘතිය තවත් කල් යනු ඇති බවට වාර්තා වනවා .

Rate this item
(0 votes)