April 19, 2024

ඇමෙරිකානු ජනපතිගේ නිල සුනඛයා පුද්ගලයෙකු සපා කයි

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල සුනඛයා වන ‘මේජර්’ විසින් ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරියෙකු සපා කා ඇතැයි වාර්තා වෙයි.

මේ සපා කෑම නිසා මෙම සුනඛයාව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් හි පිහිටි පවුලේ නිවස වෙත නැවත යවා ඇති බව සඳහන් වෙයි.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරයා විසින් මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු එහිදී කියා තිබුනේ මෙම සපා කෑමට ලක් වු පුද්ලයා නිල සුනඛයා වන මේජර් නොහඳුනන පුද්ගලයෙකු බවයි.

 එයට දැක් වූ ප්‍රතිචාරයක් ලෙස මෙලෙස සපා කෑමක් කර තිබුණු බවත්, එම පුද්ගලයා බරපතළ තුවාල සිදු නොවී ඇති බවත් ධවල මන්දිරයේ වෛද්‍ය අංශය විසින් ඔහුට ප්‍රතිකාර කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

මේජර් තවමත් ධවල මන්දිරයේ සේවක මණ්ඩලයට හුරු වී නොමැති බවද වාර්තා වෙයි.

මේජර් සමඟ අනිත් නිල සුනඛයා වන චෑම්ප් ද මෙලෙසම ඩෙලවෙයාර් හි පිහිටි පවුලේ නිවස වෙත රැගෙන ගොස් තිබේ.

මේජර් යනු ජෝ බයිඩන් ජනාධීපතිවරයා විසින් ධූරයට පත් වන්නට පෙර 2018 වසරේ දී හදා ගැනීමට ගත් සුනඛයෙකු වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 March 2021 16:14