April 20, 2024

චීනයේ අපනයන ක්‍රියාවලිය වාර්තා ගත ලෙස ඉහළ යයි

චීනයේ අපනයන වෙළෙඳපොළේ ක්‍රියාවලියන් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීනයේ අපනයන වර්ධන දශක දෙකකට පසුව ඉහළම මට්ටමට ළඟා වී ඇති බවට චීනය විසින් නිකුත් කර ඇති දත්ත පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත් වූ පසුව ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය මෙන්ම අපනයන ආනයන ක්ෂේත්‍රයන් තුළ කඩා වැටීමක් සිදුවිය.

චීනයේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රෝනික හා රෙදිපිළි අපනයනද ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

මෙහිදී චීන ආර්ථික විශේෂ්ලේෂකයන් විසින් අනුමාන කළ පරාසයට වඩා සියයට 60.6කින් මෙම අපනයන සීමා වැඩි වී තිබේ.

Rate this item
(0 votes)