April 24, 2024

දියණියගේ හිස ගසා දමා ඔලුවත් රැගෙන පොලීසියට පැමිණි පියා (සංවේදී දර්ශන සහිතයි)

ශ්‍රී ලංකාවේ තරුණියකගේ හිස ගසා දමා ඝාතනය කළ පුවතක් වාර්තා වී සතියක යාමටත් මත්තෙන් අසල්වාසී ඉන්දීයාවෙන් ද ඒ හා සමාන වූ අමානුෂික සිදුවීමක් වාර්තා වෙයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී හර්දෝයි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු විසින් ඊයේ (03) දිනයේ උදෑසන කාලයේ දී ඝාතනය කළ යුවතියකගේ හිසක් සහිතව පාරේ ගමන් කරමින් සිටියේ පාරේ සිටි ජනතාවද භීතියට පත් කරමිනි.

මෙම පුද්ගලයා හර්දෝයී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට තිබෙන අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු විසින් සිය 17 හැවිරිදි දියණියව ඝාතනය කර හිස සුන් කළ බවයි. 

සිය දියණිය පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මුලික කරගෙන ඇති වූ ආරවුලක් මත පියා විසින් මෙලෙස සිය දියණියගේ හිස සුන් කර ඝාතනය කර තිබේ.

පොලීසිය කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා තමා තමා විසින් තියුණු ආයුධයකින් සිය දියණිය ඝාතනය කළ බවත් සිරුර සිය නිවසේ දියණියගේ කාමරය තුළ තිබෙන බවත්ය.

පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර නිවස පරික්ෂා කිරීමේදී මිය ගිය දියණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.

සර්වේෂ් කුමාර් නම් මෙම පුද්ගලයා හිස රැගෙන පැමිණෙන ආකාරය පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

එම අවස්ථාවේ සංස්කරණය කරන ලද වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)