April 19, 2024

කොවිඩ් වෛරස් ආසාධිතයින් සොයා ගැනීමට බල්ලන්ගේ උදව්

ජර්මානු පශු වෛද්‍ය කණ්ඩායමක් මගින් කොරෝනා වයිරසය වැළදුණු පිරිස් සොයාගැනීම සදහා දක්ෂ, ඉව සහිත සුනඛයින් පුහුණු කර ඇති බව ලෝක ආර්ථික සංසදය වාර්තා කරා . සුනඛයින් මගින් සිදු කරනු ලබන මිනිස් ලවණ සාම්පල පිරික්සීම මගින් සියයට 94 ක නිරවද්‍යතාවයකින් යුතුව කොවිඩ් වෛරසය හදුනා ගැනීමේ හැකියාව මෙම සුනඛයින්ට ඇති බව පර්යේෂකයින් පවසා සිටිනවා .

මෙම අධි සංවේදී ඉව සහිත සුනඛයින් එදිනෙදා ජීවිතයේදී මිනිසුන් ගැවසෙන ස්ථාන වල කොවිඩ් වෛරසය හදුනා ගැනීම සදහා භාවිත කල යුතු බවට අදහස් පල වනවා . කොරෝන අසාදිත පුද්ගලයින්ගේ සෛල මගින් වහනය වන ගන්ධය ආග්‍රහණය කිරීමට සලස්වා මෙලෙස වෛරසය සොයා ගැනීමේ හැකියාව ඇති බව ජර්මානු හමුදා සුනඛයින් පුහුණු කිරීමේ පශු වෛද්‍ය " එස්තර් ශේල්ක් " පවසා සිටිනවා.

වසර තුනක් වයසැති බෙල්ජියම් ෂෙපර්ඩ් සහ  වසරක් වයසැති කොකෝස්පැනියෙල් වර්ගයේ සුනඛයින් මෙලෙස පුහුණු කිරීම සදහා යොදා ගෙන තිබෙනවා.

මේ වන විටත් ෆින්ලන්තයේ මෙවැනි පුහුණු කරන ලද සුනඛයින් කොරෝන වෛරසය ශරීරගත වුනු පුද්ගලයින් හදුනා ගැනීම සදහා යොදා ගනු ලබන බව වාර්තා වනවා

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 March 2021 14:20