April 24, 2024

බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත්කරණයෙන් වාර්තාවක් තබයි

බ්‍රිතාන්‍යයේ මිලියන 66ක් වූ ජනගහණයෙන් මිලියන 20කට මේ වන විට කොරෝනා වෛරසය සඳහා ලබාදෙන පළමු එන්නත ලබා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කොරෝනා වෛරසය සඳහා එන්නත් දෙකක් ලබාදෙන අතර මෙලෙස මිලියන 20ක් සඳහා ලබා දී තිබුණේ එහි පළමු මාත්‍රාවයි.

මාත්‍රා ද්වීත්වයම ලබා දුන් පිරිස ලක්ෂ 8කට ආසන්න වන බවත් වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය ලෝකයේ කොරෝනා එන්නත නිල වශයෙන් ලබා දීම ආරම්භ කළ පළමු රටවත් වෙයි.

අග්‍රාමාත්‍යරයා මේ සම්බන්ධව සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙය ජාතියක් ලෙස ලබා ගත් සුවිසල් ජයග්‍රහණයක් බවයි.

එමෙන්ම එම කාර්ය සඳහා සිය භාර ධූර කාර්ය ඉටු කළ එරට ජාතික සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ට හට සහ ස්වේඡා සේවකයන් හට අග්‍රාමාත්‍යවරයා තුති පුද කර තිබුණි.

එමෙක්ම එරට සෞඛ්‍ය ලේකම්වරයා ද සිය ස්තූතියි සිය කාර්ය මණ්ඩලය වෙත පුද කර තිබේ.

Rate this item
(0 votes)