March 29, 2024

පැය 18කින් කාපට් දමා කිලෝ මීටර් 25ක පාරක් හැදූ ලෝක වාර්තා මෙන්න (PHOTO)

February 28, 2021

ඉන්දියානු ජාතික මහාමාර්ග අධිකාරිය (එන්එච්ඒඅයි) මෑතකදී එරට ජාතික අධිවේගී මාර්ග 52 හි විජේපූර්-සොලාපූර් අතර මංතීරු හතරෙන් එක මංතීරුවක් වූ කිලෝමීටර් 25.54 ක තනි මංතීරුවක් ඉදි කරමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.

මෙම වාර්තාගත මාර්ග ඉදි කිරීම ඉන්දීයාවේ මධ්‍යම මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විසින් ද තහවුරු කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි සිය නිල ට්විටර් ගිණුම හරහා මේ බව මෙලෙස තහවුරු කර තිබුණි. 

එමෙන්ම ඔහු එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පැය 18 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම මෙම ජයග්‍රහණය ළඟදීම ලිම්කා වාර්තා පොතට එක් කරන බව ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වූ කම්කරුවන් ඇතුළු ඉංජිනේරුවන් හටද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර තිබුණි.

Rate this item
(1 Vote)