March 29, 2024

කුකුළෙකු විසින් සිය අයිතිකරුවා මරා දමයි! - කුකුළාව පොලීසිය අත්අඩංගුවට ගනී

February 28, 2021

කුකුළෙකු විසින් සිය අයිතිකරුවා මරා දැමූ පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වෙයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබුණේ තෙලන්ඟනා ප්‍රාන්තයෙනි. 

ඉන්දීයාවේ වඩාත් ප්‍රසිද්ධි කුකුළ් පොර තරගයක් අතර සිය කුකුළා පැන යෑමට උත්සාහ කිරීම වැළැක්වීමට ගොස් කුකුළා සහ පුද්ගලයා අතර සිදු වු ගැටුමෙන් මෙලෙස පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මරණයට හේතුව වී තිබුණේ කුකුළ් පොරය සඳහා කුකුළාගේ කකුළේ ගැට ගසනු ලබන අඟල් 03ක් පමණ වන පිහි තලයක් එම කුකුළාගේ අයිතිකරුගේ ගෙල ඇනීමෙනි. අධික ලේ වහනය නිසා ඔහු මිය ගොස් ඇති බවට පසුව පොලීසිය විසින් තහවුරු කර තිබුණි.

මෙලෙස මිය ගොස් තිබුණේ සාරිපල්ලි චන්වන්කේෂ්වරම් රාඕ නම් පුද්ගලයෙකි.

පොලිසීය විසින් මෙම කුකුළ් පොරය පැවැත්වූ පිරිසට එරෙහිව මිනීමැරීම, නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සහ කුකුළා සටනක් පැවැත්වීම යන චෝදනා යටතේ නඩු පවරන බවද ප්‍රකාශ කර තිබේ. 

මෙම ඝාතනයට සම්බන්ධ වූ කුකුළාව පොලිස් භාරයට ගෙන ඇති අතර නඩුවේ ප්‍රධාන සාක්ෂියක් ලෙස උසාවියට ඉදිරිපත් කිරීමටද නියමිත බව වාර්තා වෙයි.

1960 වසරේ දී ඉන්දීයාවේ කුකුළ් පොර තහනම් කර තිබුණත් ග්‍රාමීය ප්‍රදේශවල තවමත් මෙම සටන් දැකගැනීමට හැකිවන අතර කුකුළෙකු අතින් සිය ස්වාමියා මිය ගිය පළමු අවස්ථාව මෙය නොවන බවද ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි.

කුකුළාගේ කකුළේ බඳිනු ලබන පිහිතලයක් පහතින්,

Rate this item
(0 votes)