April 19, 2024

ප්‍රසිද්ධියේ කටමැත දොඩවන ජනප්‍රිය නිළිය නිසා සුපිරි නළු රිතික් රෝෂන් පොලීසිය ඉදිරියට

February 27, 2021

ඉන්දීය සුපිරි ජනප්‍රිය නළුවෙකු වන රිතික් රෝෂන් අද (27) දිනයේ මුම්බායි පොලීසිය ඉදිරියේ පෙනී සිටියේ ඔහු විසින් 2016 වසරේ දී ගොනු කරන ලද පැමිණිල්ලක් සඳහා ප්‍රකාශ පටිගත කිරීම සඳහායි.

2016 වසරේ දී රිතික් රෝෂන් සමඟ චිත්‍රපට කිහිපයක් සඳහා සහය රංගනයෙන් දායක වුණු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක වන කංගනා රනාත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ තරමක් උණුසුම් වාදයක් ඇති කරගෙන තිබුණි.

ඒ කංගනා රනාත් විසින් රිතික් රෝෂන් තමන්ගේ හිටපු මෝඩ පෙම්වතා ලෙස හැඳින්වීමත් සමඟයි. රිතික් රෝෂන් විසින් තමන් කිසිම අවස්ථාවක ඇයත් සමඟ කිසිම සම්බන්ධයක් පවත්වා නොමැති බව ප්‍රකාශ කළ අතර ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබුණි.

මෙම පැමිණිල්ලෙන් පසුව කරන ලද පොලිස් පරික්ෂණවලින් හෙළි වී තිබුණේ කංගනා රනාත් හට රිතික් රෝෂන්ගේ නමින් සෑදූ ව්‍යාජ ඊ-මේල් ලිපියනයක් මඟින් විද්‍යුත් ලිපි යවා ඇති බවයි.

මෙම සිදුවීම අනාවරණය වීමත් සමඟ  රිතික් රෝෂන් විසින් නැවත පැමිණිල්ලක් ගොනු කළේ, තමා ලෙස පෙනී සිටින අයෙකු 2013 සිට 2014 දක්වා කාලය තුළ කංගනා රනාත් හට  විද්‍යුත් ලිපි යවා ඇති බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධව ඉන්දියානු පොලීසියේ වංචා කිරීම, අනන්‍යතා සොරකම් කිරීම, පරිගණක සම්පත් උපයෝගී කරගනිමින් වංචා කිරීම වැනි නීති අංශ යටතේ නඩුවක් පවරා ඇති බවද ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරික්ෂණය සඳහා එම පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමට රිතික් රෝෂන්ගේ ලැප්ටොප් සහ දුරකථනය ද විමර්ශනය සඳහා රැගෙන ගොස් තිබුණි.

මේ සම්බන්ධව ඊයේ (26) දිනයේ දී කංගනා රනාත්ගෙන් ද මුම්බායි පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Rate this item
(2 votes)