April 25, 2024

ඉන්දීය අගමැති මෝදි නිසා ස්පයිඩර් මෑන් අමාරුවේ වැටිලා

February 27, 2021

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි මහතාව විවේචනයට ලක් කරමින් පළ කර තිබූ ට්විටර් සටහනක් හේතුවෙන් ඊට කිසිම සම්බන්ධයක් නැති ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ රංගනයේ දායක වන හොලිවුඩ් තරුවක් වන ටොම් හෝලන්ඩ් අපහසුතාවයට පත්ව තිබේ.

මෙහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු, ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම, විචාරශිලි ලිපි සම්පාදනය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතික ටොම් හෝලන්ඩ් නැමැත්තා විසින් ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණේ නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීයාවේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ සර්දාර් පටෙල් ක්‍රිකට් ක්‍රීඩාංගණය අලුත්වැඩියා කටයුතුවලින් පසුව එහි නාමය “නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණය” ලෙස වෙනස් කර තිබූ බවයි.

ඔහු මෙම ක්‍රියාව විවේචනය කිරීමත් සමඟ ඉන්දියානුවන් මෙම ට්විටර් සටහන තැබූ ටොම් හෝලන්ඩ් සහ ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ටොම් හෝලන්ඩ් පටලවා ගනිමින් රංගන ශිල්පියාට සිය විරෝධය පාමින් සිටින බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ නිසාම මෙම වසරේ තිරගත කිරීමට නියමිතව තිබෙන ස්පයිඩර් මෑන් නව චිත්‍රපටයට මෙන්ම රංගන ශිල්පියාටත් සමාජ මාධ්‍ය ඔස්සේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් විරුද්ධත්වය පළ කරමින් සිටින බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)