March 29, 2024

මහගෙදර තුල්සි ස්කූටරයෙන් පාර්ලිමේන්තු යයි (PHOTOS)

February 26, 2021

මෙරට ජනප්‍රියත්වයට පත්ව තිබූ “මහ ගෙදර” නම් ඉන්දීය ටෙලිකතාවේ රංගනයෙන් දායක වූ දැන් ඉන්දීය පාලක පක්ෂයේ අමාත්‍ය ධූරයක් දරනු ලබන තුල්සි හෙවත් ස්මර්ති ඉරානි අද (26) දිනයේ ස්කූටරයක නැඟි පාර්ලිමේන්තුව වෙත ගොස් තිබුණි.

ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විසින් පවත්වනු ලබන යතුරුපැදි රැලියක කොටසක් ලෙස ඇය මෙලෙස ස්කූටරයක නැඟී පාර්ලිමේන්තුව වෙත ගොස් තිබේ.

ඉදිරියේ මාස කිහිපය තුළ පැවැත් වීමට නියමිතව තිබෙන බෙංගාල මහ මැතිවරණය ඉලක්ක ගත කරමින් ඇය මෙලෙස ස්කූටර් යතුරුපැදියක නැඟි ගමන් කර තිබුණු අතර බෙංගාලය නියෝජනය කරන ඉන්දීය භාරතීය පක්ෂයේ තවත් පිරිසක් ද මීට පෙර මෙලෙසම යතුරු පැදිවල නැඟි ප්‍රචාරක ක්‍රියාවලියන්ගේ නිරත වුණි.

Rate this item
(0 votes)