March 29, 2024

ගුද මාර්ගයෙන් කොවිඩ්-19 හඳුනා ගන්න ගිහින් චීනය සහ ඇමෙරිකාව අවුලක පැටලෙයි

February 25, 2021

ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධය චීනය සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. 

මෙම ප්‍රකාශය වී තිබුණේ චීනය විසින් චීනයේ සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ගුද මාර්ගයෙන් කොවිඩ්-19 හඳුනා ගැනීම සඳහා සාම්පල් ලබා ගැනීමට උත්සාහ කළ බවයි. 

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් චීනයට පවසා තිබුණේ එවැනි පරික්ෂණ සඳහා සිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ව සම්බන්ධ නොකරගන්නා ලෙසයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින අතරම ඔවුන්ගේ ගෞරවය රැකෙන ලෙසින් කටයුතු කරන ලෙසයි.

චීනය මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණු අතර චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ එවැනි කිසිදු පරික්ෂණයක් සඳහා තම රජය විසින් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කර නොතිබුණු බවයි.

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා චීනය වේගවත් ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් ද කොවිඩ්-19 හඳුනා ගැනීම සඳහා සාම්පල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.


සැබැඳි පුවත -

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයෙනුත් සාම්පල් ගන්න යයි

Rate this item
(0 votes)