March 28, 2024

අවු.23ට අඩු 6 දෙනෙකුගෙන් 1 අයෙකු තමන් සමලිංගිකයෙකු බව පවසයි - නවතම වාර්තාවෙන් කියන කතාව

February 25, 2021

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලද නවතම සමීක්ෂණයක් අනුව එරට අවුරුදු 23ට අඩු පුද්ගලයින්ගෙන් සෑම 6 දෙනෙකුගෙන් 1 අයෙකුම තමන් සමලිංගික පුද්ගලයෙකු බවට ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2017 වසරේ ද මෙම සමීක්ෂණය මෙලෙසම කර ඇති අතර එහිදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසගෙන් 4.5ක් තමන් සමලිංගික බවට පිළිගෙන තිබුණි. නමුත් මෙම වසරේ දී එය 5.6ක් දක්වා වැඩි වී තිබේ.

මෙම සමීක්ෂණය කර තිබුණේ ඇමරිකානු විශ්ලේෂණ හා උපදේශන සමාගමක් වන ගැලප් නම් ආයතනයක් විසිනි. 

මෙම සමීක්ෂණය සඳහා 15,000ක පිරිසක් සහභාගී කරවාගෙන තිබුණු අතර 86.7ක් තමන් සමලිංගික හෝ වෙනත් ලිංගික ආශාවක් සහිත කෙනෙකු නොවන බවට සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)